2018 දෙසැම්බර් 03, 04 – ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය, කොළඹ 10
අත්යන්ත්‍ර පේෂකර්මාන්ත ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ගේ හැකියාවන් ඔප්නැංවීම, දිරි ගැන්වීම හා ඔවුන්ගේ කුසලතා අගය කිරීම සඳහා වාර්ෂිකව පවත්වන ජාතික අත්යන්ත්‍ර රෙදිපිළි තරඟය, ප්‍රදර්ශනය හා සම්මාන උළෙල 2018 දෙසැම්බර් මස 03, 04 දිනයන්හි කොළඹ 10, ඩී.ආර්.විජේවර්ධන මාවතේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වේ. පලාත් පේෂ කර්මාන්ත/කර්මාන්ත දෙපාර්තමේන්තු, පේෂකාර්මිකයින්ගේ සමුපකාර සමිති හා පෞද්ගලික ව්‍යවසායකයන්ගේ අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත නිෂ්පාදන මිලදීගතහැකි අලෙවි කුටි 35කින් සමන්විතය.