ප්‍රවර්ධන වැඩසටහන්
දේශීය පේෂ කර්මාන්ත කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, පළාත්සභා ආයතන හා පේෂ කර්මාන්ත සමුපකාර සමිතිවල වෙළඳපල අවස්ථා වැඩිකරලීම, නව දේශීය හා විදේශීය පාරිභෝගිකයන් අතර අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත රෙදිපිළි ප්‍රචලිත කිරීම හා පහසු හා සාධාරණ මිල ගණන් යටතේ ඉහළ ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන වෙළඳපලට නිකුත් කිරීම අරමුණු කරගෙන සෑම වසරකම අලෙවි සල්පිලක් පැවැත්වීමට කටයුතු සළසා ඇත.
සෑම වසරකම මාර්තු හෝ අප්‍රේල් මාසයේ උත්සව කාලය අරමුණු කරගෙන මෙම අලෙවි සල්පිල පැවැත්වීමට කටයුතු කරනු ලබන අතර දෙපාර්තමේන්තු වෙබ් අඩවිය තුළින්, විද්‍යුත් මාධ්‍ය (රූපවාහිනී හා ගුවන් විදුලි සේවා) සහ මුද්‍රිත මාධ්‍ය (පුවත්පත්, දැන්වීම් පත්‍රිකා) මඟින් දැනුම් දීමට කටයුතු කරනු ලැබේ.
නව නිර්මාණ හදුන්වාදීම, ක්ෂේත්රයේ ව්‍යවසායකයන් දිරි ගැන්වීම, නිර්මාණකරුවන්ගේ සැඟවුණු දක්ෂතා ඔප්නැංවීම අරමුණු කරගෙන ජාතික අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත ප්‍රදර්ශනය හා අලෙවි සල්පිල සෑම වසරකම දෙසැම්බර් මස පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ සඳහා,
•පලාත් පේෂ කර්මාන්ත/කර්මාන්ත දෙපාර්තමේන්තු
•පේෂකාර්මිකයින්ගේ සමුපකාර සමිති
•පෞද්ගලික ව්‍යවසායකයන්
•පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගි වේ.
දෙපාර්තමේන්තු වෙබ් අඩවිය, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මඟින් තොරතුරු ලබාගත හැක.
අත්යන්ත්‍ර රෙදිපිළි කලාව ජනතාව අතර ප්‍රචලිත කිරීම, විදේශීය වෙළඳපල සඳහා නව අත්යන්ත්‍ර නිර්මාණ හදුන්වාදීම මෙන්ම වෙළඳපල අවස්ථා පුළුල් කරලීමේ අරමුණෙන් අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව පවත්වන විලාසිතා දැක්ම තුළින් වෙනස් වන විලාසිතා ලෝකයේ නව අත්දැකීම් ලබා ගැනීමට නිර්මාණකරුවන්ට අවස්ථාව සළසා ඇත. මේ සඳහා මෝස්තර නිරූපණ ක්ෂේත්‍රෙය් ප්‍රවිණයින් ඔවුන්ගේ විලාසිතා ඉදිරිපත් කරණු ලබන අතර ආධුණිකයින් සඳහා ද ඔවුන්ගේ දක්ෂතා එළි දැක්වීම සඳහා අවස්ථාව ලබා දී ඇත.
දේශීය අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තය නගා සිටුවීම සහ එහි ප්‍රවර්ධනය උදෙසා මාස 06 ක අඛණ්ඩ පුහුණුව නිමකළ පේෂ කර්මාන්ත ව්‍යාපෘති ආශ්‍රය කර ගනිමින් පේෂ කර්මාන්ත ගම්මාන පිහිටුවීම සහ එමඟින් පුහුණුලාභීන් ස්වයං රැකියාගත කිරීමට පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව මඟින් කටයුතු කරනු ලැබේ. සාර්ථකව පුහුණුව නිම කරන පුහුණුලාභීන් සඳහා අත්යන්ත්‍ර හා උපාංග, මූලික අමුද්‍රව්‍ය දෙපාර්තමේන්තුව මඟින් සපයනු ලැබේ.