පුහුණු මධ්‍යස්ථාන
අත්යන්ත්‍ර පේෂකර්ම පුහුණු ආයතන – 14
පේෂකර්මාන්ත පුහුණු ශ්‍රමිකයන් බිහිකිරීම අරමුණු කර ගනිමින් දිවයින පුරා විසිරී ඇති පුහුණු ආයතනවල පුහුණු පාඨමාලා 02ක් ක්‍රියාත්මක වේ.
1. අත්යන්ත්‍ර පේෂකර්මාන්ත මූලික පාඨමාලාව/ මාස 06
2. අත්යන්ත්‍ර පේෂකර්මාන්ත සහතිකපත්‍ර පාඨමාලාව – (NVQ Level 03) / මාස 12
මෙම පුහුණු ආයතනවල ඉගෙනුම ලබන සිසු සිසුවියන් සඳහා නේවාසික පහසුකම් සහ නිල ඇඳුම් දෙපාර්තමේන්තුව මඟින් සපයනු ලැබේ.
අනු අංකය | නම | ලිපිනය | දුරකථන අංකය |
---|---|---|---|
1 | අත්යන්ත්‍ර පේෂකර්ම පුහුණු ආයතනය | 280/1, ගාලු පාර, කටුබැද්ද, මොරටුව | 0113054424 |
2 | අත්යන්ත්‍ර පේෂකර්ම පුහුණු ආයතනය, කොට්ටල | කොට්ටල, වේයන්ගොඩ | 0113054414 |
3 | අත්යන්ත්‍ර පේෂකර්ම පුහුණු ආයතනය, බෝයගනේ | බෝයගනේ, කුරුණෑගල | 0113054415 |
4 | අත්යන්ත්‍ර පේෂකර්ම පුහුණු ආයතනය, පින්නවල | පින්නවල, රඹුක්කන | 0113054419 |
5 | අත්යන්ත්‍ර පේෂකර්ම පුහුණු ආයතනය, මාතලේ | කෝන්ගහමුල, පලාපත්වල, මාතලේ | 0113054420 |
6 | අත්යන්ත්‍ර පේෂකර්ම පුහුණු ආයතනය, වටපුළුව | අරුප්පල පාර, වටපුළුව, මහනුවර | 0113054421 |
7 | අත්යන්ත්‍ර පේෂකර්ම පුහුණු ආයතනය, ගැටඹේ | ගැටඹේ, පේරාදෙණිය | 0113054423 |
8 | අත්යන්ත්‍ර පේෂකර්ම පුහුණු ආයතනය, බණ්ඩාරවෙල | කිණිගම, බණ්ඩාරවෙල | 0113054418 |
9 | අත්යන්ත්‍ර පේෂකර්ම පුහුණු ආයතනය, මාතර | හක්මණ පාර, මාතර | 0113054412 |
10 | අත්යන්ත්‍ර පේෂකර්ම පුහුණු ආයතනය, කිරම | මිද්දෙණිය පාර, කිරම | 0113054413 |
11 | අත්යන්ත්‍ර පේෂකර්ම පුහුණු ආයතනය, තලාව | මිහිරිගම, තලාව | 0113662639 |
12 | අත්යන්ත්‍ර පේෂකර්ම පුහුණු ආයතනය, ගාල්ල | රජයේ වඩු පාසල් ගොඩනැගිල්ල, කලේගාන පාර, ගිංතොට, ගාල්ල | 0113662638 |
13 | අත්යන්ත්‍ර පේෂකර්ම පුහුණු ආයතනය, සමන්තුරේ | සමන්තුරේ | 0113054417 |
14 | අත්යන්ත්‍ර පේෂකර්ම පුහුණු ආයතනය, නල්ලූර් | 194, පේදුරුතුඩුව පාර, නල්ලූර්, යාපනය | – |
පේෂකර්මාන්ත මෝස්තර උසස් පුහුණු ආයතන – 2
අත්යන්ත්‍ර පේෂකර්මාන්ත සහතිකපත්‍ර පාඨමාලාව (NVQ Level 03) සාර්ථකව අවසන්කල සිසු සිසුවියන් මෙම පාඨමාලාව (මාස 12) සඳහා බඳවා ගනු ලැබේ. මෙම පුහුණු ආයතනවල ඉගෙනුම ලබන සිසු සිසුවියන් සඳහා නේවාසික පහසුකම් සහ නිල ඇඳුම් දෙපාර්තමේන්තුව මඟින් සපයනු ලැබේ.
අනු අංකය | නම | ලිපිනය | දුරකථන අංකය |
---|---|---|---|
1 | මෝස්තර පුහුණු ආයතනය, කටුබැද්ද | 280/1, ගාලු පාර, කටුබැද්ද, මොරටුව | 0112607210/ 0113054424 |
2 | මෝස්තර පුහුණු ආයතනය, ගැටඹේ | ගැටඹේ , පේරාදෙණීය | 0812387286 / 0113054423 |
රාජගිරිය ස්වාභාවික වර්ණ ඒකකය
1912 දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම පේෂකර්මාන්ත පුහුණු පාසල රාජගිරිය හේවාවිතාරණ පුහුණු පාසල වේ. අනගාරික ධර්මපාලතුමන් විසින්
ආරම්භ කරන ලද මෙම පාසල හේවාවිතාරණ පදනමට අයත්වන අතර එය පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුවේ භාවිතය සඳහා ලබා දී ඇත. දැනට මෙහි
ස්වාභාවික වර්ණ උපයෝගී කරගනිමින් කරනු ලබන පේෂකර්මාන්ත පුහුණු හා පර්යේෂණ කටයුතු සිදුකරනු ලබයි.
පර්යේෂණ, පුහුණු, මෝස්තර හා සේවා ආයතනය, කටුබැද්ද, මොරටුව
මෙම ආයතනය පහත අංශයන්ගෙන් සමන්විතවේ.
1. අත්යන්ත්‍ර පේෂකර්ම පුහුණු ආයතනය සහ මෝස්තර පුහුණු පාසැල
2. කාර්යාලය
3. ශ්‍රවනාගාරය
4. කෞතුකාගාරය
5. මෝස්තර අංශය
6. රසායනාගාරය
7. සිසු සිසුවියන්ගේ නේවාසිකාගාරය සහ පෙහෙසරණිය නේවාසිකාගාරය
8. අධ්යක්ෂ නිළ නිවස සහ ස්ථානභාර නිළ නිවස
9. ලේඛනාගාරය
10. ගබඩා